Friday, April 26, 2024

General line - 0115112241

බස් රථයක් ජලයේ ගසාගෙන යාමෙන් ජෝර්දානයේ පුද්ගලයින් 18දෙනෙකු මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජෝර්දානයට මේ දිනවල බලපා ඇති ජල ගැලීම්වලට හසුව පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ විනෝද චාරිකාවකට එක්ව සිටි පිරිසක් රැගත් බස් රථයක් ජල පහරට හසුව ගසාගෙන යාමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරට පත් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 34දෙනෙකු මුදා ගත් බවයි එරට බලධාරීන් සඳහන් කළේ. අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා ජීවිතාරක්ෂක මෙහෙයුම් කි‍්‍රයාත්මක අතර ජොර්දානයේ ඉල්ලීම මත එම මෙහෙයුම් සඳහා සිය හෙලිකොප්ටර් යානාද යොදවා ඇතැයි ඊශ‍්‍රායලයද ප‍්‍රකාශ කළා.