Saturday, April 27, 2024

General line - 0115112241

මහින්ද අගමැති වූ ප්‍රීතියට පුද්ගලික ධනය වැය කර පාලමක් හැදූ හිටපු දේශපාලනඥයා (PHOTOS)

සමන් විජය බණ්ඩාර




මහින්ද රාජපක්ෂ මහතා නැවත අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම නිමිති කර ගනිමින් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මහජනතාව වෙනුවෙන් යකඩ පාලමක් ඉදිකර දී තිබෙනවා.

මෙම ක‍්‍රියාව සිදු කර ඇත්තේ ඉඳුනිල් ශාන්ත ගුණසේන හිටපු මන්ත‍්‍රීවරයා විසින්.

මාවනැල්ල - කහවන්දල ග‍්‍රාමසේවා වසමේ ඇලක් හරහා ඉදිකර තිබූ පාලමක්  මීට සතියකට පමණ පෙර කැඞී ගියා. ඒ පිළිබඳ මාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් පසු හිටපු මන්ත‍්‍රීවරයා ඊට සංවේදී වී ඇති අතර නව යකඩ පාලම ඉදිකර ඇත්තේ දින 02ක් ඇතුළතයි.