Friday, April 26, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රීවරු පොල් ගසති (PHOTOS)

රවින්ද්‍ර චන්ද්‍රලාල්




දකුණේ පළාත් පාලන ආයතන කිහිපයක එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් පොල් ගසමින් දේව කන්නලව්වක නිරත වී තිබෙනවා. ඒ, ගාල්ල, කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේදීයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මෙම දේව කන්නලව්ව සිදුකළ බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ. නීතිගරුක, විනය ගරුක රජයක් රටට අවශ්‍ය බවත් සිදුවූ ආණ්ඩු පෙරළියට විරුද්ධ බවත් එම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් මෙහිදී අවධාරණය කළා.