Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්ත කණ්ඩායම ලකුණු 177 ක් ඉදිරියෙන් (UPDATE)




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. අද තරගය නතර කරන විට සිට දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබාගෙන සිටියා. පළමු ඉනිමේදී ඔවුන් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 342 ක්. 
ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වනවිට තවත් කඩුළු 10 ක් අතැතිව ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ලේදීයි.
--------------------------------

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 203කට සීමා වෙයි

07-11-2018 16:34

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203කට සීමා වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 139ක් ඉදිරියෙන් පසුවනවා.

සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 10ක් දැවී ලකුණු 342ක් රැස් කළා.

සිය මංගල ටෙස්ට් තරගයට කි‍්‍රඩා කළ කඩුළු රකින කී‍්‍රකඩ බෙන් ෆෝක්ස් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 75කට කඩුුළු 05ක් බිඳ හෙලුවා. සුරංග ලක්මාල් ලකුණු 73ට කඩුළු 03යි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.