Friday, April 26, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 12ක් මරුට




අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. එම පිරිස අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. එරට වේලාවෙන් ඊයේ (07) රාතී‍්‍ර 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා. එම අවස්ථාවේදී අදාළ අවන්හල තුළ 200ක පමණ පිරිසක් සිටි බව සඳහන්. එම පිරිස අවන්හල තුළ පැවැති සංගීත ප‍්‍රසංගයක් නරඹමින් සිටි අවස්ථාවේ කළු පැහැ ඇඳුමකින් සැරසී අවන්හල තුළට ඇතුලූ වූ පුද්ගලයෙකු එහි සිටි පිරිස ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. 

සිද්ධියෙන් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ පුද්ගලයාද එම අවන්හල තුළදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ අනන්‍යතාව හෝ මෙම වෙඩි තැබිම සිදුකලේ කුමක් නිසාද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.