Friday, April 26, 2024

General line - 0115112241

අකිලගේ පන්දු යැවීම ගැන සැකයක්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවසනවා. ඒ, ශ‍්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඔහු පන්දු යැවූ ඉරයව් පිළිබඳ සැලකිල්ලට ගනිමින්. ඒ අනුව දින 14ක් තුළ අකිල ධනංජයට සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට මුහුණදීමට සිදු වනවා.

කෙසේවෙතත් එහි ප‍්‍රතිඵල ලැබෙන තෙක් ඔහුට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වීමට හැකි බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පැවසුවේ. ඒ අනුව අකිල ධනංජය තෝරාගත හොත් ලබන බදාදා පල්ලේකැලේදී ආරම්භ වන එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට ක‍්‍රීඩා කිරීමට හැකි වනු ඇති. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 04කට, එක්දින තරග 30කට සහ පන්දුවාර විස්ස තරග 16කට ක‍්‍රීඩා කර තිබෙනවා.