Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය හෙටට කල් තබයි




පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 12ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය හෙට (13) දිනය දක්වා කල් තබා තිබෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මේ පිළිබදව කරුණු දැක්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට යම් කාලයක් අවශ්‍ය බව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව හෙට දිනය දක්වා අධිකරණ කටයුතු කල් තැබීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පි. පෙරේරා කියා සිටියා.

ඒ අනුව, හෙට පෙරවරු 10 දක්වා පෙත්සම් විභාගය කල් තබා ඇති අතර, හෙට දිනයේදී නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.