Saturday, April 27, 2024

General line - 0115112241

රජයේ නිලධාරීන්ට සහ පොලිසියට රනිල්ගෙන් පණිවුඩයක් 

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර/පසන් වික්‍රමතිලක




හඬ සහ ඇසට පෙනෙන දර්ශනය අනුව ආණ්ඩුවට බහුතරය නොමැති බවට කථානායකවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම මාධ්‍ය හමු කැඳවා තිබුණා.

එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පළ කළේ මෙවන් අදහසක්.

"මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ ආණ්ඩුවක් හදනවා නම් කිසිම විශ්වාසයක් නැති බව ප්‍රකාශ කළා. එහෙම ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව දැනුම් දුන්නා. ගැසට් තුනක් නීති විරෝධී බව ප්‍රකාශ වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයටවත් කිසිම බලයක් නැති බව රජයේ නිලධාරීන්ටත් පොලිසියටත් මම මතක් කරන්න කැමතියි. ඊයේ දුන්න තීරණයත් අද දුන්න තීරණයත් මත කටයුතු කළ යුතුයි."