Friday, April 26, 2024

General line - 0115112241

කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී "කසල බඳුනකින්" දමා ගසයි (PHOTOS / VIDEO)

සජිත් තිලකරත්න / මහේෂ් චතුරංග




පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බව අප වාර්තාකරු සදහන් කර සිටිනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ  නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්භයේදී සිදුවී ඇත.

කථානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි  හරින් ප්‍රනාන්දු සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිම ඇද වැටී තිබෙනවා.

මේ අතර කථානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්‍රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්‍රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අතක ඇඟිලි දෙකක කැපුම් තුවාල ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කථානායකවරයා සිය අසුනෙන් නැගිට ගිය පසු ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරය විසින් කතානායකවරයාගේ අසුනට වතුර දමා ඇති බවයි වාර්තා වන්නේ.