Saturday, April 27, 2024

General line - 0115112241

යාපනයට ඊයේ රෑ කඩා වැදි "ගජ" කළ විනාශය (PHOTOS)

මාධව කුලසූරිය




ගජ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වෙත දැඩි සුළං තත්වයක් සමඟ වර්ෂාපතනයක් ඊයේ (15) රාත්‍රියේ හටගත් බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා. යාපනය ‍ඩෙල්ෆ් දූපත ඇතුළු දූපත් ප්‍රදේශ හරහා හා යාපනය අර්ධද්වීපයේ මුහුදුබඩ ප්‍රදේශ වෙත සුළං තත්වයේ වැඩීවීමක් හටගෙන තිබු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

යාපනය නගරයටද වර්ෂාපතනය සමඟ සුළං තත්වය හටගත් බවත්, යාපනය ප්‍රදේශවාසීන් පැවසුවා. යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් හා දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ධිවර ජනතාවට ධීවර කටයුතු සඳහා දියඹට නොයන ලෙසටද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේ ද යාපනය අර්ධද්වීපය හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 100ක් දක්වා වන ප‍්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වන බවයි. මෙම සුළි කුණාටුව අද දිනයෙන් පසු ශ‍්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇති බවට ද අපේක්ෂා කරන බවයි.