Saturday, April 27, 2024

General line - 0115112241

විශ්වාසභංගය සම්මතයි - මන්ත්‍රි පාඨලි : අද පාර්ලිමේන්තුව රැස්වුණේ නැහැ - ඇමති දිනේෂ්

දිනුක් හේවාවිතාරණ




අද (16) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව "හඬ අනුව" සම්මත වූ බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක කියා සිටිනවා. 

කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මන්ත්‍රිවරුන් 122 දෙනෙකු විසින් අද දිනයේදී බහුතරයක සහභාගිත්වයෙන් එම විශ්වාසභංග යෝජනාව මෙම සම්මත වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වන වාර්තාව කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවනු ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියා.

මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද දිනයෙදී කථානායකවරයා පාර්ලිමේන්තු සභා වාරය නොපැවැත්වූ බවයි. නියමිත ආකාරයට සම්මත කර නොගත් කිසිදු යෝජනාවක් සම්මත නොවන බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

ඊයේ දිනයේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක් තියුණු ආයුධ රැගෙන සභාවට පැමිණීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවූ බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස දැනුම් දුන්නත් කථානායකවරයා ඒ සම්බන්ධයෙන් පියවරක් නොගැනීම නිසා අද දිනෙය්දී විරෝධතාවයක් දියත් කළ බවයි.