Friday, April 26, 2024

General line - 0115112241

පක්ෂ නායකයින් හා ජනපති අතර හමුවක්

දිනුක් හේවාවිතාරණ




අද (16) දිනයේදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා පුමුඛ ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග වලට අනුව සිදුකළ ජන්ද විමසීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා කියා සිටිනවා.

එමෙන්ම අද පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු හවුල්කාර පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් පැවති බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දැනට තිබෙන තත්ත්වය අනුව දැනට අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් හැකි ඉක්මනින් නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ අද දිනයේදී පක්ෂ නායකයින් ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවනු ඇති බවයි.