Friday, April 26, 2024

General line - 0115112241

නෙත් කඨින පුණේ‍යා්ත්සවය සාර්ථකව අවසන් (UPDATE)




දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුවසෙවණේදී සිදු කෙරෙන  නෙත් කඨීන පුණේ‍යා්ත්සවය මීට සුළු මොහොතකට පෙර සාර්ථකව අවසන් වුණා. එහි තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර සමගින්.

........................................................

නෙත් එෆ් එම් සංවිධාන කරන කඨින මහා පුණ්‍ය උත්සවයේ කඨින පෙරහැර වීථී සංචාරය කෙරේ

(18-11-2018 05:02)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා  පුණ්‍යොත්සවයේ කඨින චීවරය රැගත් පෙරහැර අද (18) අළුයම වීථි සංචාරය කෙරුණා.

මෙම පිංකම මෙවර සිදු කෙරෙන්නේ දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුවසෙවණේදීයි.

එහි නිර්මාතෘ පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ අද දිනය පුරා තවත් පිංකම් රැසක් සංවිධානය වී ඇති බවයි. සියලු දෙනාට මෙම පිංකම් සඳහා සහභාගීවන ලෙස ආරාධනා කරන බවද සඳහන් කළා.

 

-------------------------

නෙත් එෆ් එම් සංවිධාන කරන කඨින මහා පුණේ‍යා්ත්සවයේ කඨින පෙරහැර (UPDATE)

(17-11-2018 21:39)

 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණේ‍යා්ත්සවයේ කඨින පෙරහැර හෙට (18) අළුයම 3 ට ආරම්භ කෙරෙනවා. මෙම පිංකම මෙවර සිදු කෙරෙන්නේ දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුවසෙවණේදීයි. මේ වනවිටත් එහි සිදු කෙරෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සැදැහැවතුන් රැසක් එක්ව සිටිනවා.

එහි නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

 

.....................................................

නෙත් කඨින පුණේ‍යා්ත්සවයේ ධාතු නමස්කාරයට සැදැහැවතුන් රැසක් එක්වෙති 

(17-11-2018 18:00)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණේ‍යා්ත්සවයට සමගාමීව පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුවසෙවණේදී මේ වනවිට පැවැත්වෙනවා.  එහි නවතම තොරතුරු දැන ගැනීම සදහා දැන් අප සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
 

 

.............................................................

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණේ‍යා්ත්සවයට සමගාමීව පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුවසෙවණේදී මේ වනවිට පැවැත්වෙනවා.  එහි නවතම තොරතුරු දැන ගැනීම සදහා දැන් අප සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.

............................................................

නෙත් එෆ් එම් කඨින මහා පිංකම අදින් ඇරඹෙයි

(17-11-2018 06:48)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණ්‍යකර්මය අදින් ආරම්භ වනවා. ඒ, දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදීයි.

උදෑසන 08 සිට නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන කරඬු වහන්සේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම අද (17) අලූයම සිදු කෙරුණා. 

හෙට අලූයම කඨින චීවරය රැගත් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව කඨින චීවරය මහා සංඝරත්නය වෙත පූජා කිරීම සහ සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙනවා. මෙම මහා පුණ්‍ය කර්මයට සහභාගී වී පි රැස් කර ගන්නා ලෙසෙ නෙත් එෆ් එම් රේඩියෝව සැදැහැවතුන්ට ආරාධනා කරනවා.
 

---------------------------------------------------------

නෙත් එෆ් එම් සංවිධාන කෙරෙන ශී‍්‍ර සර්වඥ ධාතු නමස්කාරය 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණ්‍යකර්මයට සමගාමීව සංවිධාන කෙරෙන ශී‍්‍ර සර්වඥ ධාතු නමස්කාරය හෙට (17) ආරම්භ වනවා. මෙම පිංකම සිදු කෙරෙන්නේ දෙකටන හැලූම්මහර බවුන්සෙත් මානසික සුව සෙවණේදීයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩසිටින ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේ මහජන වන්දනාව සඳහා එහි වැඩම කෙරෙනවා. 

මේ අතර කඨින චීවරය රැගත් පෙරහැර අනිද්දා අලූයම වීථි සංචාරය කිරීමට නියමිතයි. කඨින චීවරය මහා සංඝරත්නය වෙත පූජා කිරීමෙන් පසු සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙනු ඇති.