Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 75ක අභියෝගයක්

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් සිව්වන දිනය අවසන් කරන විට ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා අසීරු අඩියක පසුවුණා. 

දිමුත් කරුණාරත්න ලකුණු 57 ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88 ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා දෙවන ඉනිම සවිමත් කළා. කෞෂාල් සිල්වා ලකුණු 4කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රැස් කළේ එක් ලකුණ බැගින්. රොෂේන් සිල්වා ලකුණු 37 කට දැවී ගියා. දිල්රුවන් පෙරේරා ලකුණු 2කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 27 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය ජයග‍්‍රහණය කිරීමට නම් තවත් ලකුණු 75 ක් රැස් කළ යුතුයි. අතැතිව ඇති කඩුළු සංඛ්‍යාව 3 ක්. පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය හෙටයි.