Friday, April 26, 2024

General line - 0115112241

එජාපය එනවලු

නිශාන් ද සිල්වා




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පක්‍ෂික හමුවට එක්සත් ජාතික පක්‍ෂයද සහභාගි වන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ තමන් සමග පක්‍ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද ඊට එක්වන බවයි.

මෙම සර්ව පාක්‍ෂික හමුව අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්‍ෂ අතර එකගතාවක් ඇති කර ගැනීම මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂ නායකයන්ට මේ සදහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා.