Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය ගැන යොවුන් පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්




තම මතය සංයමයෙන් ඉදිරිපත් කිරීමට නොදන්නා  ඕනෑම මහජන නියෝජිතයෙකුට තම සැසිවාරයක් නරඹා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි බව ශී‍්‍ර ලංකා යොවුන් පාර්ලිමේන්තුව පවසනවා.

යොවුන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා හා ප‍්‍රතිපක්ෂ නායකයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව තුළ විනයවත්ව හැසිරීමට හා වෙනත් මතයන්ට ගරු කළ යුතු  බවයි. ඉකුත් 26වනදා සිට රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ සමස්ථ රට වැසියන් මෙන්ම තාරුණ්‍යයේ නියෝජිතයින් ලෙස තමන්ද ඉතා කලකිරීමෙන් සිටින බව ශ‍්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.