Friday, April 26, 2024

General line - 0115112241

රෝගී තත්ත්වයක් ගැන ජනතාව දැනුවත් කෙරෙන පා ගමන ඇරඹෙයි (PHOTOS)

හේමන්ත කහවලගේ/මහේෂ් චතුරංග




සිංහ සමාජය විසින් සංවිධාන කරන පාගමනක් අද (25) උදෑසන 7.00 ට නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වුණා.

සිංහ සමාජය මෙය සංවිධාන කරන්නේ, ශී‍්‍ර ලංකා පැතිකුදය සංගමය සමග එක්වයි.

මෙම පාගමන සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පැතිකුදය සංගමයේ සභාපති නිල්මිණි විතාන අදහස් දැක්වමින් සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය කුඩා දරුවන් අතරේ බහුලව ව්‍යාප්ත වෙන තත්ත්වයක් දැකගත හැකි බවයි. ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ දැනුවත්භාවය බොහෝ සෙයින් අඩු බවද පෙන්වා දුන්නා. මෙම පාගමනේ අරමුණ ඒ පිළිබඳව දැනුවත් කිරීම බවද කියා සිටියා.

 

----------------------------

සිංහ සමාජයේ පාගමනක් හෙට 

(24-11-2018 19:21)

 

සිංහ සමාජය විසින් සංවිධාන කරන පාගමනක් හෙට (25) උදෑසන 7 ට නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වනවා. මෙම පාගමන සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පැතිකුදය සංගමයේ සභාපති නිල්මිණි විතාන මෙලෙස අදහස් දැක්වුවා.