Friday, April 26, 2024

General line - 0115112241

උතුරට බලපෑ වැස්සයි සුලි කුණාටුවයි නිසා එලවළු ගිනි ගණං

රොමේෂ් මධුෂංඛ - වන්නිය




පසුගිය දිනයන්හි උතුරු පලාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ වලවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පලාතේ සියලුම එලවළු මිල ගණණ් සීග්‍රෙයන් වැඩි වැඩි වී ඇති බවට එලවළු වෙළෙන්ඳන් කියා සිටිනවා. උතුරු පළාතේ එලවළු බොහෝ සෙයින් වගා කෙරෙන බැවින් ලංකාවේ අනෙක්තු පළාත්හි එලවළු මිල ගණන් ඉහළ ගියද උතුරු පලාතේ එලවළු මිල සාමාන්‍ය තත්වයක් පැවතියද පැවති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් උතුරේ එලවළු වගාවන් විනාශ වී ඇති බවට එලවළු ගොවීන් කියා සිටිනවා.

උතුරේ එලවළු හිඟ වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ සිට එලවළු ගෙන ඒමට සිදුවීම හේතුවෙන් එලවළු වෙළෙන්ඳන් එලවළු රැගෙන එන ප්‍රවාහන කුලියද සමග මේ දිනවල දඹුල්ලෙ එලවළු මිල ගණණ් ඉහල යාමත් සමග උතුරට රැගෙන එන එලවළු විකිණීමේදී එම මිල ගණන් දැරීමට නොහැකි බවට උතුරේ පාරිභෝගිකයින් කියා සිටිනවා. වර්ෂාව හේතුවෙන් උතුරේ එලවළු වගාවන් විනාශ වුවද මේ වන විට උතුරේ සෑම වැවක්ම පිරී පවතින හෙයින් ඉදිරි මාස කිහිපය තුලදී උතුරේ වලවළු වගාවන් සිදු කොට ඉහල ගොස් ඇති මිල නැවත යථා තත්වයට පත් වෙනු ඇති බවටද උතුරේ එලවළු ගොවීන් වැඩි දුරටත් කියා සිටිනවා.

මේ අනුව උතුරේ එලවලූ වෙළඳපොළවල්හි එලවළු කිලොවක මිල ගණන් මෙලෙසින් දැක්වේ

                                 තොග මිල     සිල්ලර මිල

මාලූ මිරිස්                   රු 500-600   600- 800

අමු මිරිස්                     රු 700-750   850- 900

බෝංචි                        රු 200-230   250-300

ගෝවා                        රු 150-170   200-230

ලීක්ස්                         රු 250-270   300-330

කැරට්                         රු 200-240   250-280

බීට්                            රු 190-210   230-250

වැටකොලූ                   රු 160-190   210-245

බණ්ඩක්කා                  රු 150-170   190-220

කරවිල                        රු 210-230   250-290

වම්බටු                         රු 170-200  220-250

එලබටු                         රු 190-210  230-260

මෑකරල්                        රු 200-220  250-300 වශයෙනි.