Saturday, April 27, 2024

General line - 0115112241

නවසීලන්ත තරගාවලියට මුහුණ දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සූදානම් වෙයි

කසුන් කැළුම්




නවසීලන්ත තරග සංචාරයකට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.

ඒ, ටෙස්ට් තරග 02කට, එක්දින තරග 03කට සහ පන්දුවාර 20 තරගයකට සහභාගී වීම සඳහායි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයකට එක්වන්නේ වසර 03කට පසුවයි.

දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය දෙසැම්බර් මස 15 වැනිදා වෙලින්ටන්හිදී ආරම්භ වනවා.

දෙරට අතර එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජනවාරී 03 වැනිදා ආරම්භ වන අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ජනවාරී 11 වැනිදායි.