Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් අසේලව යළි කැඳවයි

කසුන් කැළුම්




ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. 

උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මෙවර ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන්නේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානයයි. තරගාවලියේ ඒ කාණ්ඩයන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ  ඕමානයයි. 

බී කාණ්ඩයෙන් පකිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනවා. පළමු තරගය ලබන 06වැනිදා පාකිස්තානය සහ හොංකොං අතර කරච්චිහිදී පැවැත්වෙනවා. අවසන් තරගය ලබන 15වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයි.