Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායෙල් අගමැතිවරයාට අල්ලස් චෝදනා

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් හා දුෂණ චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව එරට පොලීසිය පවසනවා. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙතක් සිදු කළ පරීක්ෂණ වලදී මෙම සාක්ෂි අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ. අග‍්‍රාමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිඳට ද මෙලෙස අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
 
මාධ්‍ය ආයතනයක් හා සමාජ මාධ්‍ය ජාලයක් සඳහා අනුග‍්‍රහය දැක්වීම සහ ඒ හරහා තමාගේ සහ බිරිඳගේ ප‍්‍රචාරණ කටයුතු සිදු කර ගැනීම අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවක් වනවා. අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කරන්නේද, නැද්ද යන්න එරට නීතිපතිවරයා තීරණය කළ යුතු බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් තමාට මෙන්ම සිය බිරිඳට එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේ කරන අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ඒවා සියල්ලම පදනම් විරහිත චෝදනා බවයි.