Friday, April 26, 2024

General line - 0115112241

වැඩවර්ජනයට සහය නොදෙන වතු කම්කරුවන්ට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් බලපෑම්

රංජිත් රාජපක්ෂ / සමන්ත කුමාර




වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග‍්‍රසය වතුකරයේ දියත් කර ඇති වැඩවර්ජනයට සහාය නොදක්වන වතු කම්කරුවන්ට බලපෑම් එල්ල කරන බවට චෝදනා එල්ල වනවා. 

වර්ජනයට එක් නොවූ වතු කම්කරුවන් පිරිසක් නෝර්වුඞ් වෙන්චර් වතුයායේ තේ දළු නෙලමින් සිටියදී ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් විසින් ඔවුන්ට බලපෑම් එල්ල කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම තත්ත්වය පාලනය කර ඇත්තේ නෝර්වුඞ් පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්. වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කර ගැනීමේ සිය සටනට වෘත්තීය සමිති භේදයකින් තොරව සහාය දක්වන ලෙසයි ලංකා කම්කරු කොංග‍්‍රසය ඉල්ලා ඇත්තේ. 

එහෙත් වර්ජනයට එක්නොවන වතු කම්කරුවන් පවසන්නේ තමන් වැඩවර්ජනයක නිරත වුවහොත් ආර්ථික ගැටළු රැුසකට මුහුණපෑමට සිදුවන බවයි. ලබන මස තෛයිපොංගල් දිනය යෙදෙන බැවින් වර්ජනයක නිරත වුවහොත් එම ගැටළු උග‍්‍ර වන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. 

ලංකා කම්කරු කොංග‍්‍රසය එම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කර ඇත්තේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන්.