Friday, April 26, 2024

General line - 0115112241

වතු කම්කරු වර්ජනය අතරේ ප්‍රවාහනය කළ තේ තොගයට භූමි තෙල් ප්‍රහාරයක්




වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි  කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිව්වෙනි දිනටත් පැවැත්වෙනවා.

මේ අතර මෙම වැඩ වර්ජනයට සහයෝගය නොදක්වන හැටන් ස්ටැඩන් වතුයායේ වතු කම්කරුවන් විසින් ඊයේ (06) දින නෙළු තේ දළු කිලෝ 1440 ක් ඊයේ පස්වරුවේ හැටන් ස්ටැඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි කිසියම් පිරිසක් ට්‍රැක්ටර් රථයේ තිබූ තේ දළු වලට භුමිතෙල් දමා එම තේ දළු විනාශ කර තිබුණා.

අමු තේ දළුවලට භුමිතෙල් වක් කර විනාශ කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරි විසින් හැටන් පොලිසියට පැමිණල්ලක් කරමින් සඳහන් කරන්නේ දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මග රැක සිට තේ දළු ප්‍රවාහනය කල ට්‍රැක්ටර් රථය නතර කර දළු මතට භුමිතෙල් ඉස රුපියක් එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා අමු තේ දළු විනාශ කර ඇති බවයි.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු  530 මුලික වැටුප රු 600 දක්වාත්, පැමිණීමේ දිමනාව වශයෙන් දැනට දිනකට ගෙවන රු 75 දිමනාව රු 140 දක්වා වැඩි කර වතුකම්කරුවෙකුට දිනකට සියළු දිමනා සමග රුපියල් 1012 ක වැටුපක් ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර තිබේ.