Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය හතරවන දිනටත් ඇරඹේ




පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම් වැඩිදුර විභාගය පිටපිටම 04 වන දිනටත් අද ආරම්භ වුණා. 

ඒ අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේයි. බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්න ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු එහි සෙසු විනිසුරුවරුන් වනවා. මැදිහත්කාර පාර්ශවයන්ගේ වැඩිදුර කරුණු දැක්වීම් අද සිදු කිරීමට නියමිතයි. අනතුරුව පෙත්සම්කාර පාර්ශවයේ ප‍්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

මේ අතර අදාල ගැසට් නිවේදනය අත්හිටුවමින් මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණු අතර ඊයේ එම නියෝගය හෙට දිනය දක්වා තවදුරටත් දීර්ග කෙරුණා.