Saturday, April 27, 2024

General line - 0115112241

රන්ජන් රාමණායක අධිකරණයට අපහාස කල නඩුව කැඳවයි

අධිකරණ වාර්තාකරු




හිටපු නියෝජ්‍ය අමාත්‍ය  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගත යුතු ඉදිරි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශයේ බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමක් කර ඇති බවට පෙනී යන අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

වගඋත්තරකරුට නොතීසි ලැබී නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණය යළි නොතීසි නිකුත් කළා. මෙම නඩුව පෙබරවාරි මස 26 යළි කැදවීමට නියමිතය . 

පසුගිය දිනක පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව  කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම නොතීසි නිකුත් කර ඇත. 

එහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශවයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රංජන් රාමනායක ප්‍රකාශ කර තිබුනා.

මෙම ප්‍රකාශයට අදාල CD තැටිය පාර්ශවයන් වෙත ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළා.