Friday, April 26, 2024

General line - 0115112241

බේරුවලින් ඇල්ලූ හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට




බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 231 යි ග‍්‍රැම් 54 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යටියන්තොට, පහල ගරාගොඩ ප‍්‍රදේශයේදීයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, මොරගල්ල ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගැණුනු බෝට්ටුවට මුහුද මැදදී එම හෙරොයින් ලබාදී ඇත්තේ මෙම සැකකරුට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවකින් බවයි අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන්ගෙන් රැදවුම් නියෝග මත ප‍්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා.