Saturday, April 27, 2024

General line - 0115112241

ශක්තිමත් වන්න අප ඔබ සමගයි : අකිලගේ සහයට තරංග එක්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර





ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය සමඟ මේ මොහොතේ සියලූදෙනා සිටින බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන උපුල් තරංග පවසනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. උපුල් තරංග, අකිල ධනංජයට පවසා ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ තීරණය හමුවේ ශක්තිමත්ව සිටින ලෙසයි. 

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ප‍්‍රකාශ කරමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මේ වනවිට ඔහුට තරග තහනමක් පනවා තිබෙනවා. 

අකිල ධනංජයට යළි ජාත්‍යන්තර තරග සඳහා එක්විය හැකි එකම මාර්ගය වන්නේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර යළි පරීක්ෂණයකට මුහුණ දී සමත් වීමෙන් පමණයි. මෙම තහනම පැනවුයේ ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිස වසර 06කට පසුව වීමද විශේෂත්වයක්.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ප‍්‍රකාශ වී තිබුණේ එංගලන්තයට එරෙහිව ඉකුත්දා ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයේදීයි.