Saturday, April 27, 2024

General line - 0115112241

තොණ්ඩමන්ට එරෙහිව වතු කම්කරුවන් පාරට බසී (PHOTOS)

රංජිත් රාජපක්ෂ




ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගන් තොණ්ඩමන්ට එරෙහිව ස්ථාන කිහිපයකදී අද (12) උද්ඝෝෂණ පැවැත්වුණා.

මස්කෙළිය, සාමිමලේ සහ දික්ඔය ටිලරි යන ප‍්‍රදේශවල මෙලෙස උද්ඝෝෂණ සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

උද්ඝෝෂකයන් වැඩිදුරටත් සඳහන් කලේ රුපියල් දහසක දෛනික දීමනාවක් ලබාගැනීම සදහා වැඩවර්ජනයක් සිදුකරන්නැයි තමන්ට උපදෙස් දුන් මන්තී‍්‍රවරයා දැන් එවැනි දීමනාවක් නොමැතිව යළි සේවයට වාර්තා කරන්නැයි තමන්ට දැනුම් දී ඇති බවයි.

වැඩවර්ජනය හේතුවෙන් දින කිහිපයක් තමන්ට හිමිව තිබූ දෛනික වැටුපද අහිමි වූ බව ඔවුන් සඳහන් කළා.