Saturday, April 27, 2024

General line - 0115112241

නව අගමැති වාලූකාරාම විහාරස්ථානයට

තරංග රුක්ෂාන් ජයසේකර




නව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ කොල්ලූපිටිය වාලූකාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වීමට නියමිතයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. පසුව අග‍්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කළා.