Saturday, April 27, 2024

General line - 0115112241

මුහුදු ජලය ගොඩට ගැලීමක් නිසා ජනතාව බියට පත් වෙයි (PHOTOS)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




එකවරම සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව කලබලයට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් සිය ධීවර වාඩිවලින් ඊයේ (16) සවස එම ජනතාව ඉවත් වීමට කටයුතු කර තිබෙනවා.

nethnews.lk වාර්තාකරු සඳහන් කළේ එළෙස පැමිණි මුහුදු ජලය තවදුරටත් බැස නොගොස් පවතින බවයි.

මුලතිවු නගර කලාපයේ සිට නයාරු ප්‍රදේශය දක්වා සාගර කලාපයේ දැඩි වෙනසක් ඊයේ (16) දිනයේ ඇති වී තිබූ බවද ජනතාව පවසනවා.

මෙම තත්ත්වය මත ඊයේ දින ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි අතර, සුනාමියක් හට ගැනීමේ අවදානමක් ඇති වේ යැයි ධීවර බෝට්ටු පවා වෙරළෙන් ඉවත් කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.