Friday, April 26, 2024

General line - 0115112241

කැනඩා මුදල් වංචාවට පොලිසිය සිනමා නළුවෙකුත් සොයයි (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාව ලබන 21 වනදා දක්වා අද (18) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, සැකකාරිය කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ නවගමුව ප‍්‍රදේශයේදීයි.

ඇය මෙම වංචාව සිදු කළ ආකාරය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙලෙස පැහැදිලි කළා.

මෙම වංචාව සම්බන්ධයෙන් සිනමා නළුවෙකු බව කියන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට සොයන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

සැකකාරිය සතුව තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 72ක්, බැංකු සටහන් පොත් 50ක්, ඒ ටී එම් කාඞ්පත් 50ක්, රුපියල් 50,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 26ක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, වංචා කළ මුදලින් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද සොයා ගැණුනා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය හඳුනාගත නොහැකි වන සේ හිස මුඩු කර සිටි බවද පොලිසිය පැවසුවා.