Friday, April 26, 2024

General line - 0115112241

චීන ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගෝලීය වශයෙන් ආධිපත්‍යය දැරීමට උත්සහයක් නොමැති බව චීන ජනපති සී ජින් පින් පවසනවා. ප‍්‍රධාන ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී වසර 40ක්  ගතවීම නිමිත්තෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. එසේම වෙනත් රාජ්‍යයක අරමුදලින් සිය රට කිසිදා සංවර්ධනය නොවනු ඇති බවත් මානව වර්ගයා සමග සහයෝගයෙන් අනාගතය ජය ගැනීම සිය රටේ බලාපොරොත්තුව බවත් ජනාධිපති සී ජින් පින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මීට දශක 04කට පෙර ඇරඹි වත්මන් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් හමුවේ මේවනවිට චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා. ඒ අනුව චීනය හා ලොව ප‍්‍රබලයා වන අමෙරිකාව අතර මේවනවිට පවතින්නේ දරුණු ආර්ථික යුද්ධයක්. කෙසේවෙතත් ආර්ථීකය පදනම් කර ගනිමින් චීනය සහ ආමරිකාව අතර මේ වනවිට පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීමට ජනාධීපති සී ජින් පින් වගබලා ගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.