Friday, April 26, 2024

General line - 0115112241

ෆොන්සේකා ලැබිය යුතු අමාත්‍ය ධූරය ගැන කතා කරයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේ "මෙදා පාර ඔබතුමාට පොලිසිය බාර දෙයිද?" යනුවෙනි. 

ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ "ඉල්ලීම තියෙනවා. නමුත් ඒ විෂය ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද ගිය පාර ඒ දේම සිද්ධ වෙච්ච වෙලාවේ මම මගේ අදහස් ප්‍රකාශ කළා. රටම දන්නවා මොකද වුණේ කියලා. ජනතාවගේ අවශ්‍යතාවය තියෙනවා. රටේ අවශ්‍යතාවය තියෙනවා.  ඒවා ලබාදෙන උදවිය දැනගන්න ඕනේ හරි මිනිස්සුන්ට හරි දේවල් ලබා දෙන්න...රට ඉදිරියට ගෙනියන්න ඕනේ නම්. ඒවා ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ." යනුවෙනි.