Friday, April 26, 2024

General line - 0115112241

"ඇමතිවරු පත් කරන්නේ ජනපති" - ජනපතිගේ ස්ථාවරය පක්ෂ මහලේකම් හෙළිකරයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




ආණ්ඩුවට සහය දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. එහි නිර්දේශ මත ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වුවද හැකි බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර "අගමැතිතුමාගේ උපදෙස් අනුව ඇමතිවරු පත් කරන්නේ ජනපතිතුමායි. ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව එතුමා එතුමාගේ ස්ථාවරයේ ඉඳියි. එතුමාව දැඩි ලෙස විවේචනය කරපු අය...එතුමාගේ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරපු අය සම්බන්ධයෙන් එතුමා යම් පියවර ගනී." ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රෝහන ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර ආණ්ඩුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාරගෙන් විමසීමක් කළා. ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ "ජනාධිපතිතුමාට එහෙම බලයක් නෑ. අගමැතිතුමා නම් කරලා දුන්නොත් මේ මේ අයට ඇමති ධූර ලබා දිය යුතුයි කියලා. ජනාධිපතිවරයාට ඒක දෙන්න වෙනවා. කොහොම වුණත් අපි මෙතනට ආවේ තනතුරු බලාගෙන නෙමෙයි." යනුවෙනි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ තීරණයට මුළු මධ්‍යම කාරක සභාවේම අනුමැතිය ලැබී ඇති බවයි.