Saturday, April 27, 2024

General line - 0115112241

නාමල් කුමාරගේ දුරකථනයෙන් මකාදැමූ හඬපට හමුවෙයි

සජිත් තරංග තිලකරත්න/ ඩිල්ෂාන් මඩවල




ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳ තොරතුරු හෙළි කළ නාමල් කුමාරගේ ජංගම දුරකතනයෙන් මකා දමා තිබූ හඬපට කිහිපයක් නැවත සොයා ගැනීමට විශේෂඥ කණ්ඩායමක් හොංකොංහිදී සමත් වී තිබෙනවා.

එම හඬපට ඇතුළත් pendrive එකක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (19) භාර දුන් බවයි පොලීසිය පවසන්නේ. 

අදාළ හඬපට ඇතුළත් හඬ කාගේදැයි හඳුනාගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා ද විශ්ලේෂණය සිදු කෙරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නාමල් කුමාර විසින් හෙළි කෙරුණු මෙම ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන ජනවාරි 02වනදා දක්වා අද තවදුරටත් රක්ෂිත බන්ධානගාර ගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් අනුවයි.