Saturday, April 27, 2024

General line - 0115112241

ඩ්‍රෝන් යානා නිසා ගුවන් තොටුපලක් වසා දැමේ

දිනුක් හේවාවිතාරණ




ඩ්‍රෝන් යානා දෙකක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට ගුවන් තොටුපල බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගුවන් මගින් දහස් ගණනක් මේ වන විට දැඩි අපහසුතාවයන්ට මුහුණ පා ඇති බවයි.

සසෙක්ස් ප්‍රාන්තයේ පොලිසිය විසින් මෙම ඩ්‍රෝන් යානා ගුවන් ගත කර ඇති පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එම උපකරණ වලට වෙඩි තබා බිම හෙලීමට ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ වෙඩි තැබීම් හේතුවෙන් භුමියේ සිටින ජනතාවට සහ දේපල වලට හානියක් සිදුවේ යැයි තමන් අනුමාන කරන බවයි.

මේ අතර ගැට්වික් ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා රාශියක් මේ වන විට ලන්ඩනයේ හීත්‍රෝ, ලුටොන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, කාඩිෆ්, අමෙස්ට්‍රඩෑම් සහ පැරිස් ගුවන් තොටුපල වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා. 

නත්තල් සමය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍යයේ සියලුම ගුවන් තොටුපළවල් මේ  වන විට දැඩි කාර්ය බහුලත්වයක් ගෙන ඇති අතර ගැට්වික් ගුවන්තොටුපලේ පමණක් අද දිනයේ මගින් 110,000 ක් ගමන් කිරීමට නියමිත ගුවන් ගමන් 760ක් මේ තත්ත්වය නිසා ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ගුවන් තොටුපලේ මගින් 10,000ක් පමණ ගැට්වික් ගුවන්තොටුපලේ රැදී සිටින බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.