Saturday, April 27, 2024

General line - 0115112241

කිලිනොච්චිය යටවෙයි: මාන්කුලම් හි වැවක් කැඩී ඒ-9 මාර්ගයේ වාහන ධාවනයට බාධා (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් තත්වයක් හටගෙන ඇති අතර මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් ඒ-9 මාර්ගයේ වාහන ධාවන කටයුතු වලට බාධා එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටිනවා.

මිලිමීටර් 250 කට අධික වර්ෂාවක් කිලිනොච්චි ප්‍රදේශයට ඇද හැලුණු අතර ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් ඒ-9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන සංචාරකයින් තම ගමන් බිමන් යාමේදී අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මගින් දැනුම් දී ඇත.

වැව කදියාමෙන් හා ජල ගැලීම් වලින් කොටුවී සිටින ප්‍රදේශයේ ජනතාව බේරා ගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ඒමට ආරක්ෂක අංශ සාමාජිකයින් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් මෙහෙයුම් සිදු කරමින් සිටි.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 37 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන බව කිලිනොච්චිය වාරිමාර්ග නිළධාරීන් පවසති.