Saturday, April 27, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමති කිළිනොච්චි ජනතාවගේ ළිං සුද්ද කරයි (PHOTOS)

දිනසේන රතුගමගේ




ගංවතුරෙන් විපතට පත් කිළිනොච්චි වැසියන්ගේ සුවදුක් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එක්වී තිබෙනවා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ගම්වැසියන්ගේ අපවිත්‍ර වී ඇති ළිං සුද්ද පවිත්‍ර කරදීමටද එක් වී සිටියා.

සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ පාලිත තෙවරප්පෙරුමයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විපතට පත් ජනතාවට වියළි ආහාර ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ද රැගෙන විත් සිටි බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.