Friday, April 26, 2024

General line - 0115112241

එදිනෙදා කරන වැඩ පහසු කරන නව නිපැයුමක් (PHOTOS)

කාංචන කුමාර ආරියදාස/සජිත් තිලකරත්න




කෙටි කාලයකින්  ඕනෑම ධාන්‍ය වර්ගයක් ජලයේ පොගවා ගත හැකි නව උපකරණයක් නිර්මාණය කිරීමට ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචි චන්දන සේනානායක සමත්ව සිටිනවා.

සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ග තම්බා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ජලයේ පොගවා ගැනීම සිදු කළ යුතුයි. එහෙත් තම උපකරණය මගින් විනාඩි 20ත් 25ත් අතර කාලයකින් එම කාර්ය ඉටුකර ගත හැකි බව ඔහු පැවසුවා. 

නව උපකරණයේ වාසි සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කළේ මෙලෙසයි. 

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වන චන්දන සේනානායකගේ නව නිපැයුම් පිළිබඳ පළමුව රටට හදුන්වා දුන්නේ නෙත් නිවුස් හරහායි.