Saturday, April 27, 2024

General line - 0115112241

කිම් ජොංග් උන් විශේෂ දුම්රියකින් චීනයට පැමිණේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සහ ඔහුගේ බිරිඳ තුන් දින නිල සංචාරයක් සඳහා අද (08) චීනයට පැමිණ තිබෙනවා. උතුරු කොරියානු නායකයා මෙලෙස චීනයට පැමිණ ඇත්තේ එරට ජනාධිපති ෂි ජින්පින්ග් ගේ නිල ආරාධනාවකට අනුවයි.

චීන මාධ්‍ය සඳහන් කරන්නේ උතුරු කොරියානු නායකයා ජනවාරි මස 10 වෙනිදා දක්වා එහි රැඳී සිටිනු ඇති බවයි.

උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අතර දෙවන හමුවක් පැවැත්වීමේ වැඩකටයුතු සිදුවෙමින් පවතින මොහොතක මෙම චීන සංචාරය සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උතුරු කොරියානු නායකයා සහ ඔහුගේ බිරිඳ රැගත් විශේෂ දුම්රියක් මගින් උතුරු කොරියාවේ සිට චීනයට පැමිණ ඇති අතර එම දුම්රියට අති විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව වාර්තා වනවා.

චීනයේ දබාන්ග් නගරය දක්වා විශේෂ දුම්රියෙන් පැමිණි උතුරු කොරියානු නායකයා සහ ඔහුගේ බිරිඳ ඉන් පසුව බිජිං නුවර දක්වා විශේෂ ආරක්ෂාවක් යටතේ පිටත්ව ගොස් තිබෙනවා.

වසරක් තුලදී උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් චීනයට පැමිණි සිවුවන අවස්ථාව මෙය වනවා.