Saturday, April 27, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවට අගමැතිගෙන් ප‍්‍රකාශයක්

සමන්ත කුමාර




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වුණා. ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප‍්‍රධානත්වයෙන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කාරක සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එහිදී ඉදිරිපත් කළා. එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද ඉදිරිපත් කෙරුණු වාර්තා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවයි.
 

මැතිවරණ ක‍්‍රමය, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
  

රටේ ඒකීයභාවය සහ බුදුදහම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කරුණු දැක්වුවා.  


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එහිදී අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ආණ්ඩුපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට පවා පවතින්නේ දැයි සැකමතු වන බවයි.

එහිදී විපක්ෂ නායකවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර තවදුරත් අදහස් හුවමාරු වූයේ මෙලෙසයි.