Friday, April 26, 2024

General line - 0115112241

මතු පරපුර ගැන ජනපති සුබ බලාපොරොත්තුවක




නව තාක්ෂණික දැනුමත් සමග ගුණයහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. වර්තමානය වනවිට ග‍්‍රාමීය පාසල්වල දරුවන් තුළ පවා තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් අවබෝධයක් පවතින බවයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

නාගරික සහ ග‍්‍රාමීය භේදයකින් තොරව රටේ සියලූ දරුවන්ට හිමිව ඇති නවීන තාක්ෂණයේ ප‍්‍රතිලාභ ඔවුන් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිත කරනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.