Friday, April 26, 2024

General line - 0115112241

ගිරිතලේගම මහා විද්‍යාලයේ අංකුර නායකයින්ගේ වැඩසටහන අවසන් - අද විශේෂ දේශනයක් (UPDATE)

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව ගිරිතලේගම මහා විද්‍යාලයේදී සංවිධාන කරනු ලබන යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන අදින් (14) අවසන් වනවා. සිසුන් වෙනුවෙන් පැවැත්වුණු දෙදින නේවාසික කඳවුර ඊයේ (13) පස්වරුවේ සාර්ථකව නිමාවට පත් වුණා.

මෙවර කඳවුරේ දී තමන් ලැබූ අත්දැකීම් පිළිබඳ සිසුන් පළ කළ අදහස් පහතින් අහන්න. 

ගිරිතලේගම මහා විද්‍යාලයේදී පැවැත්වෙන යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වන අදියර මෙයයි. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලංකා බැංකුවේ මූල්‍ය හා සැලසුම් අංශයේ නියෝජ්‍ය මහ කළමනාකරු විපුල ජයබාහු ද අදහස් පළ කළා. 

යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන අවසන් වන අද දිනයේ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය පැවැත්වෙනවා. එමෙන්ම ගිරිතලේගම මහා විද්‍යාලයේ ඉහළ ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් විභාග ජය ගැනීමේ මග පිළිබඳ දේශනයක් ද පැවැත්වෙන්නේ අද පෙරවරුවේයි. 

යු ආර් අ ලීඩර් වැඩසටහනට සහභාගී වූ දරුවන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් ද අද පැවැත්වෙනවා.      
 

 

--------------------------------

ගිරිතලේගම මහා විද්‍යාලයේ අංකුර නායකයින්ට නවමු අත්දැකීමක්   (UPDATE)

(13-01-2019 19:30)

 

 

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව ගිරිතලේගම මහා විද්‍යාලයේදී සංවිධාන කරනු ලබන යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (13) සාර්ථකව අවසන් වුණා. මෙවර ඊට සහභාගී වූ සිසුන් නවමු අත්දැකීමක් ලබා ගනිමින් ගිරිතලේ යුද හමුදා පොලිස් පුහුණු පාසලේදි විශේෂ පුහුණු සැසියකට සහභාගී වීමද විශේෂත්වයක්. 

යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත සිදු කෙරුණු මෙම සැසිය මෙහෙය වූයේ ගිරිතලේ ශ‍්‍රී ලංකා යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ලූතිතන් කර්නල් එච් එම් එස් අයි සෙනරත්ගේ අධීක්ෂණය යටතේයි. මේ, එහිදී සහ දෙදින නේවාසික කඳවුරේ දී ලැබූ අත්දැකීම් පිළිබඳ සිසුන් පළ කළ අදහස්. 

ගිරිතලේගම මහා විද්‍යාලයේදී පැවැත්වෙන යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වන මෙම අදියර හෙටින් අවසන් වනවා. 


..........................................................................

නෙත් නිවුස් හා ලංකා බැංකුව එක්ව ගිරිතලේගම මහා විද්‍යාලයේදී සංවිධාන කරනු ලබන යූ ආර් අ  ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වැන්නේ දෙදින නේවාසික කඳවුරේ අද (13) දෙවන දිනයයි. ඊයේ (12) ආරම්භ වු මෙම දෙදින නේවාසික කඳවුර අවසන් කෙරුණේ විචිත‍්‍රවත් ගිනිමැළ සංදර්ශනයකින් අනතුරුවයි.

එහිදී අංකුර නායකයින් කණ්ඩායම් 04කට බෙදී සිය දක්ෂතා ඉදිරිපත් කළා.

(එම අවස්ථාවන් පහතින් අහන්න)

තම දුවා දැරුවන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් මවුපියන් ද අදහස් පළ කළා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ උතුරු මැද පළාතේ සහකාර මහ කළමනාකරු රංජිත් වැලිකන්දගේ සඳහන් කළේ අනුන්ට නායකයෙක් වෙන්නට පෙර තමන්ට නායකයෙක් වෙන ආකාරය පිළිබඳව ශිෂ්‍ය ප්‍රජාව පුරුදු පුහුණු විය යුතු බවයි.

මේ වනවිටත් අංකුර නායකයින් උදෑසන ශාරීරික ව්‍යායාම්වල නිරිත වී සිටිනවා. අද දෙදින නේවාසික කඳවුරේ අවසන් දිනයයි. හෙට දිනයේ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය පැවැත්වීමට නියමිතයි. 
 

 

---------------------------

දැයට අනාගත නායකයන් බිහිකරන 'යු ආර් අ ලීඩර්' පොළොන්නරුවට

(12-01-2019 12:19)

 

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වැන්නෙහි දෙදින නේවාසික කදවුර පොළොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ යටතේ මාපිය ගුණ වන්දනා සංගීත චිකිත්සාවක් පෙරවරුවේ පැවැත්වුණා. ඊට එක් වූ මව්පියන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.



මේ සදහා සහභාගි වී සිටින අංකුර නායකයින් කණ්ඩායම් හතරක් යටතේ මේ වනවිට විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වෙමින් සිටිනවා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සහකාර මහා කළමණාකාර - අළෙවි, පි‍්‍රයන්ති විජේසේකර  අදහස් පළ කළේ මෙලෙසයි.