Friday, April 26, 2024

General line - 0115112241

අම්බලන්තොට සංචාරක කදවුරකදී විදේශිකයෙකු මියයාම ගැන පරීක්‍ෂණ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




අම්බලන්තොට, උත්සන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක කදවුරට පැමිණි විදේශීය ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සංචාරක කදවුරට රටවල් 70 ක් නියෝජනය කරමින් සංචාරකයන් තුන්දහසක් පමණ සහභාගි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී රෝගාතුර වූ අදාළ විදේශීය ජාතිකයා අම්බලන්තොට රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් තිබෙනවා. ඊට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර හුංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.