Saturday, April 27, 2024

General line - 0115112241

ආරක්ෂක අංශයේ නිල ඇඳුම් දේශීය නිෂ්පාදකයින්ගෙන් ලබා ගැනීමට ආණ්ඩුව සූදානම්




ආරක්ෂක අංශවලට අදාළ නිල ඇඳුම් සහ අනෙකුත් රෙදි පිළි වර්ග දේශීය රෙදි පිළි නිෂ්පාදකයින්ගෙන් ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍යභට බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් මෙලෙස ලබාගනු ඇති. 

ඒවා රුපියල් මිලියන 1596ක මුදලකට ප‍්‍රසම්පාදනය කිරීමටයි නියමිතව ඇත්තේ. ඊට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.