Friday, April 26, 2024

General line - 0115112241

තෙරේසා මේ ගේ වත්මන් ආණ්ඩුවට එරෙහිව යළිත් වරක් විශ්වාසභංග යෝජනාවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ වත්මන් ආණ්ඩුවට එරෙහිව යළිත් වරක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. යෝජනාව පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 230කින්. යෝජනාවට පක්ෂව ඡන්ද 202ක් ලැබෙද්දී ඊට විරුද්ධව ඡන්ද 432ක් හිමි වුණා.

එය සැලකෙන්නේ පාලන බලය හොබවන බි‍්‍රතාන්‍ය ආණ්ඩුවක් එරට ඉතිහාසයේ මුහුණපෑ දරුණුම පරාජය ලෙසයි. 

මෙම පරාජයෙන් පසු එරට කම්කරු පක්ෂය වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ අතර ඊට අදාළ ඡන්ද විමසීම ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට (17) පැවැත්වීමට නියමිතයි.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ මෙම ක‍්‍රියාවලිය බ්‍රෙක්සිට් ලෙස හැඳින්වෙනවා. එය ක‍්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 29 වැනිදා සිටයි. ඊට අදාළ ඡන්ද විමසීම ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු අතර අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ එය කල් දැමුවේ මන්ත‍්‍රීවරුන්ගේ සහය ඊට ලබාගැනීම අරමුණු කර ගනිමින්.