Friday, April 26, 2024

General line - 0115112241

පුද්ගලයෙක් වසරකදී මුදාහරින කාබන් ප්‍රමාණය තුලිත කිරීමට ගස් පහක් සිටුවිය යුතුයි




එක් පුද්ගලයෙකු වසරකදී වායුගෝලයට මුදාහරින කාබන් ප‍්‍රමාණය තුලිත කිරීමට නම් ඔහු හෝ ඇය ගස් 5 ක් වත් සිටුවිය යුතු බව වැසි වනාන්තර සුරැකීමේ අන්තර්ජාතිකය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් පරිසර පද්ධතියට වන හානිය අවම කිරීමට මිනිසා සතුව විශාල වගකීමක් ඇති බවයි.

මෙම අදහස් පළ කෙරුණේ ඊයේ (29) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි. ඊට එක් වූ වැසි වනාන්තර සුරැකීමේ අන්තර්ජාතිකයේ සාමාජික රසික කොඩිකාර මෙම අදහස් පළ කළා.

දේශගුණික විපර්යාස හේතුවෙන් පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

කුමන හෝ තැනක ගසක් සිටුවන්නේ නම් එමගින්ද ලෝකයේ මුහුණපා ඇති මෙම අර්බුදය විසදීමට දායකත්වය දැක්විය හැකි බව වැසි වනාන්තර සුරැකීමේ අන්තර්ජාතිකයේ සාමාජික ජානක එදිරිමාන්න පැවසුවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවද මේ වනවිට උරදී සිටින්නේ එම සුවිශේෂි කර්තව්‍ය සඳහායි. ලෝක උරුම සිංහරාජය සහ කන්එළිය යා කරමින් වනාන්තර කොරිඩෝවක් අලූතින් නිර්මාණය කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව මේ වනවිටත් කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ, නෙත් එෆ්. එම්. ශ‍්‍රාවක ඔබගේද දායකත්වය ඇතිවයි. මෙහිදී සිදුවන්නේ රක්‍ෂිත එක් කරමින් අලූතින් ගස් 25,000 ක් සිටුවීමයි. මෙම ජාතික කර්තව්‍ය පිළිබද වැඩි විස්තර 072 7 372 372 යන දුරකතන අංකයට ඇමතීමෙන් ලබාගත හැකි.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.)