Saturday, April 27, 2024

General line - 0115112241

මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඩුබායි හිදී නීතිමය පියවර ගැනීමේ සුදානමක් : " උදර්පණ නිතිය" යලි ලංකාවට හරස් වෙන ලකුණු ?

දිනුක් හේවාවිතාරණ




ශ්‍රි ලංකා-ඩුබායි ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරනු ලැබු මෙහෙයුමකින් අත් අඩංගුවට ගනු ලැබු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මදූෂ්ට එරෙහිව එරට නිතිය අනුව ඉදිරි කටයුතු කිරිමට ඉඩ ඇති බව වාර්තා වනවා. ඒ ඔහු විසින් සංවිධානය කරන ලද සුපිරි සාදයට කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙනවිත් තිබිම හේතුවෙන්. 

ඒ අනුව මාකඳුරේ මදූෂ් ඇතුළු අත් අඩංගුවේ පසුවන සැකකරුවන් 25 දෙනා ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව ඔවුන් අද (06) හෝ හෙට (07) දිනයේදි ඩුබායි හි අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රි ලංකාවේ අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය සැකකරුවෙක් ලෙසට නම් දරා සිටින මාකඳුරේ මදූෂ් ඇතුළු ප්‍රබල සාමාජිකයින් සිව්දෙනා මෙරටට රැගෙන ඒම සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි බළධාරින් සමග මේ වන විටත් සාකච්ජා ආරම්භ කර ඇති බව සදහන්.

කෙසේ වුවත් මෙරටට අවශ්‍ය සැකකරුවෙකු ඩුබායි රටේදි අත් අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුව මෙරටට බාර දිම සදහා රටවල් දෙක අතර තිබිය යුතු "උදර්පණ නිතිය" යටතේ වන ගිවිසුමට දෙරටේ බලධාරින් අත්සන් තබා නොමැති බව වාර්තා වනවා.  

ඉකුත් වසරේදි ඩුබායි හිදි අත් අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු පවා නිකුත් කර තිබියදි මෙරටට ගෙන්වා ගැනිමට මෙරට බළධාරින්ට හැකි වුයේ නැහැ. ඒ ශ්‍රීලංකාව සහ ඩුබායි රටවල් දෙක අතර "උදර්පණ නිතිය" යටතේ අපරාධකරුවන් පිටුවහල් කිරීම සදහා වන ගිවිසුම ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තු රැස්වීම අතර වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ "ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන්නම්. එරට අධිකරණයට පුළුවන් ඉල්ලීම් කලත් අවසන් තීරණයක් ගන්න. කෙසේ වුවත්  පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.".