Saturday, April 27, 2024

General line - 0115112241

නවදිල්ලියට හිම පතනයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ප‍්‍රදේශ කිහිපයකට හිම පතනයක බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම ප‍්‍රදේශවල මාර්ග හිම කැට වලින් වැසී ඇති බවයි. මෙම හිමපතනයත් සමග අදාළ ප‍්‍රදේශ අමෙරිකාවේ චිකාගෝ සහ එංගලන්තයේ ලන්ඩන් අගනුවර මෙන් දිස්වන බව දිල්ලි වැසියන් පවසනවා. 

හිම පතනය සිදු වන්නේ හිම කුණාටු තත්ත්වයක්ද සමගින් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. අයහපත් කාලගුණය හේතුවෙන් නවදිල්ලි අගනුවර හරහා සිදු කරන ගුවන් ගමන් කටයුතු සඳහා ද බාධා එල්ල වී තිබෙනවා.