Saturday, April 27, 2024

General line - 0115112241

විදුලි සෝපානයේ මන්තී‍්‍රවරුන් සිරවූ දිනයේ සීසීටීවී දර්ශනත් පරීක්ෂාවට

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ ඇතිි සියලූ විදුලි සෝපාන විශේෂ පරීක්ෂා කිරීමකට ලක් කර තිබෙනවා. ඒ, අදාළ විදුලි සෝපාන ලබා දුන් සමාගමේ මැදිහත්වීමෙන්. මීට හේතුවූයේ ඉකුත් දා මන්තී‍්‍රවරුන් 12දෙනෙකු විනාඩි 10කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් තුළ සිරවීමේ සිද්ධියයි.

මෙම සිද්ධියෙන් පසු ඊට බලපෑ හේතුව පිළිබඳ අදාළ පරීක්ෂණයේදී සොයා බැලූ බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. එදින අදාළ විදුලි සෝපානය සිරවූයේ එහි නියමිත බර ඉක්මවූ නිසාද, එසේත් නොමැති නම් වෙනත් කරුණක් නිසාදැයි එහිදී පරීක්ෂාවට ලක් කර ඇතැයි සඳහන්. 

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඇති එක් විදුලි සෝපානයක පුද්ගලයින් 13 දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර එහි නියමිත බර කිලෝ ග‍්‍රෑම් 900ක්. ඒ අනුව අදාළ පරීක්ෂණයෙන් පසු මන්තී‍්‍රවරුන් ගමන් ගත් විදුලි සෝපානය සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබන බදාදා කථානායකවරයා වෙත භාර දීමට නියමිතයි. මන්තී‍්‍රවරුන් සිරවූ දිනයේ අදාළ විදුලි සෝපානයේ සීසීටීවී දර්ශන ද එහිදී පරීක්ෂාවට ලක් කළ බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. 

පාර්ලිමේන්තුවේ ඇති මුළු විදුලි සෝපාන සංඛ්‍යාව 10ක්. අදාළ සිද්ධියෙන් පසු මේ වනවිට විදුලි සෝපානයක ගමන් කළ හැකි සංඛ්‍යාව පුද්ගලයින් 06දෙනෙකුට සීමා කර තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුව රැස් වන දිනයන්හිදී මන්තී‍්‍රවරුන්ගේ විදුලි සෝපාන සඳහා විදුලි සෝපාන කි‍්‍රයාකරුවෙකු යෙදවීමට ද නියමිතයි.